Friend With Benefits Ðÿ–¤ Âœ… Part 20 ❀

A+ A-

” උබ වැඩේ හරියට කරාද..”

” ඔව් බොස් මිනිහගෙ යාලුවා ඒ වෙලාවෙම ඇවිල්ලා මිනිහව hospital එක්කන් ගියා..කාර් එකට ගොඩක් ඩැමේජ්..”

” කාර් එකෙන් මට වැඩක් නෑ බන්..අරූට ඩැමේජ්ද..”

” ඔව්.. කිව්ව වගේ ICU එකේ ඉන්නේ..අපෙ එකෙක් hospital එකටම ගියා පස්සෙන්..”

” ම්ම්ම් ගුඩ්..සල්ලි ටික උදේ වෙද්දි මං දාන්නම්..”

” හරි බොස්..”

” ස්ටෙෆාන්..”

” ම්ම්ම්…”

කෝල් එක කට් කරපු ස්ටෙෆාන් අයාන් කතා කරද්දි ඒ පැත්ත හැරුනා..

” යෙතීශ්ට මොකද..”

” ICU එකේ..”

” ඌ මැරෙයිද..”

” නැති වෙයි..”

” මිනිස්සුන්ට බෙහෙත් කරන උබට අපි නිසා දැන් මිනිස්සුන්ට තුවාල කරන්නත් වෙලා නේ..”

” à·„à·”#තක් කියවන් නැතුව ඉදපන් අයාන්..ඒකා මනුස්සයෙක් වගේ පේනවද උබට ඌට මුකුත් කරාට පව් නෑ බං යුහාන්ට කරපු දේත් එක්ක බලද්දි..”

” කෝ දැන් යුහාන්..”

” නිදි සිතුම් එක්ක නිදි..හවස අමාරු උනානේ..අසිහියෙන් කියව කියව ඉදලා ඔයා දුන්න බෙහෙත් වලට නින්ද ගියා..බෙහෙත් ටික දීලා ඇයි ආ පයින්ම ගියේ..”

” හදිස්සි වැඩ වගේකට සෙට් උනා..”

” ඒක නෙවෙයි යුහාන් මෙන්ටලි ඩව්න් වෙලා ඉන්නේ වෙනම ඩොලර් කෙනෙක්ට පෙන්නන්න වෙයි..”

” මටත් හිතුනා..එයාව හොද කර ගන්න පුලුවන් වෙයි නේද ස්ටෙෆාන්..මට ඕනි මගෙ කලින් හිටිය දගයව..”

” මං ඉන්නවනෙ බං බය නැතුව ඉදපන්..”

” ආච්චි අම්මටත් යුහාන්ගෙ වෙනස තේරිලා දැන්..මං හෙනම අමාරුවෙන් එයාව ශේප් කරන්නේ..”

” ටිකක් ඉවසන් හිටපන්කෝ කොල්ලව හිටිය තත්වෙටම ගන්නව මං කොහොම හරි..”

” අයාන් මොකක්ද උබ දවල් කියන්න තියනවා කිව්ව නිව්ස් එක..”

” අම්මට එච්චර ලොකු දෙයක් මට කොහොම මතක උනාද මංදා..”

” කියපන් ඉතින්..”

” එක්කො ඕන් නෑ යුහාන් ඇහැරියාම එයා එක්කම කියන්නම්..කටින් එළියට පනින්නමයි යන්නෙ ඒක ඒත් ඕනි නෑ..”

” à·„à·”#තක් කියනව නෙ ඉතින්..හ්ම්ම් හ්ම්ම් කැමැත්තක්..”

” යමන් නිදා ගමු එළි වෙන්නත් ලගයි පැය දෙකක් තුනක් හරි නිදා ගමු ඉතින්..”

පාන්දර තුනටත් ලන් උන නිසා දෙන්නත් එක්ක පැය දෙක තුනක් හරි නිදා ගන්න කියලා කාමරවලට ගියා…

.

.

.

.

.

අයාන් ස්ටෙෆාන් සැනසීමෙ නිදා ගන්න අතරේ අරෝශ්ටනම් උනේ ඇඩූ කදුලින් ICU එකේ පන අදින යෙතීශ් නිසා hospital එකට වෙලා ඉන්න..

” සහීත්..යෙතීශ්ට මොනා හරි වෙයිද බං..”

” අඩන් නැතුව ඉදපන්කෝ ඌට මුකුත් වෙන් නෑ..”

” මට බයයි බං..රෙහාන්ට එන්න කියපන්කෝ..”

” ඌ එයි තාම එහෙ කිව්ව යෙතීශ්ගෙ තාත්තා එන්න දෙන්නෙ නැල්ලු..”

” ඒ මිනිහට මූ මැරුනත් ගානක් නෑ බං ඇයි ඕයි ඒම..”

අරෝශ් සහීත්ව බදාන අඩන අතරේ යෙතීශ් ජීවත් වෙන්න පන අදිනවා..

යෙතීශ් කියන්නෙ අරෝශ්ට ගොඩාක් වටින කෙනෙක්..හැම දේකටම දෙන්නට ඉන්නෙ ඒ දෙන්න විතරයි..ඉතින් එහෙව් තමන්ගෙ යාලුවා ඇක්සිඩන්ට් වෙලා ICU එකේ ඉද්දි කොහොම දරා ගන්නද..

ඒත් එක පැත්තකින් යෙතීශ්ගෙ තාත්තට යෙතීශ් ගැන කිසිම ගානක් නෑ..

පැය කීපයක් ගියත් යෙතීශ්ගෙ තත්වෙ ගැන දැන ගන්න විදිහක් නැතුව අරෝශ් ගොඩක් කලබල වෙලා ඉන්නේ..

ස්ටෙෆාන්ට අරෝශ් කොච්චර කෝලස් ගත්තත් එයා නෙවෙයි ආන්ස්වර් කරේ..යෙතීශ්ට මෙහෙම කරපු කෙනාටම කෝල් ගත්තට ඉතින් ආන්ස්වර් කරයිද..ඒත් අරෝශ් ඒ ගැන දන්නෙ නෑ..

එකටම ඉදලා ස්ටෙෆාන් මෙහෙම දෙයක් කරා කියලා අරෝශ් දැන ගත්තොත් කවදාවත් ස්ටෙෆාන්ට සමාවක් දෙන එකක් නෑ ඒත් යෙතීශ් කරෙත් හරි දෙයක් නෙවෙයි කියන්න අරෝශ් හොදටම දන්නව වගේම යෙතීශ් ඒ ගැන පසුතැවෙන බවත් දන්නවා..

තවත් විනාඩි කීපයක් යද්දි..ඩොක්ටර් කෙනෙක් එළියට ආවා ඒත් එක්ක අරෝශ් ගොඩක් බය වෙලා කදුලු පිහදන ගමන් ඩොක්ටර් ලගට දුවන් ගියා..

” ඩොක්ටර්…”

” don’t worry patientට දැන් ප්‍රශ්නයක් නෑ..”

ඩොක්ටර්ගෙ වචන හමුවෙ අරෝශ් සැනසුම් සුසුමක් හෙලලා සහීත්ට වාරු උනා..

” අඩෝ ඌ හොදින් බං..මගෙ එකාට ප්‍රශ්නයක් නැල්ලු..”

.

.

.

.

.

⏳⏳⏳⏳⏳

පහුවෙනිදා සිතුම්ට උදේම කෝල් එකක් ආවෙ රෙහාන්ගෙන්..යුහාන් එක්ක නිදාන හිටිය සිතුම් හෙමීට නැගිටලා කාමරෙන් එළියට ඇවිල්ලා කෝල් එක ආන්ස්වර් කරා..

” යෙතීශ් අයියට ගොඩක් අමාරුද ඉතින්..”

” ජීවිතේ ගැනනම් බයක් නෑ දැන්..ගොඩක් තුවාල වෙලා ඒත්..”

” ඔයා hospital එකේද දැන්..”

” ඔව් සිතුම්..හෙන ගේමක් දීලා අන්කල්ට කියල පැන ගත්තේ..ඌ මට එන්නම දුන් නෑ බබා කොල්ලා ICU එකේ කිව්වමත් ඌට ගානක්වත් තිබ්බෙ නෑ..ඌ කරපුවට ඌ ඔහොම වෙන්න ඔනි කියල විතරයි කිව්වෙ මට මාර තරහයි..”

” මාර මිනිහෙක්නෙ අයියා එයා තමන්ගෙ පුතා නේද ඉතින් මොනා උනත් ඔහොම කරනවද..”

” ඒක ත්මා..මේ යුහාන්ට මේ ගැන දැන ගන්න දෙන්න එපා හොදද..”

” ම්ම්ම්..එයා දැනගත්තොත් කලබල වෙයි..මොනා උනත් යුහාන් යෙතීශ් අයියට ආදරෙයි ගොඩක්..”

” හ්ම්ම් එයාව බලා ගන්න හොදට..මං තියන්නම් මැණික පරිස්සමින් ඉන්න..”

” හරි අයියා ඔයත් පරිස්සමින්..බය වෙන්න එපා යෙතීශ් අයියට ඉක්මනට සනීප වෙයි..”

” ම්ම්ම්..බායි..”

” බායි අයියා බුදුසරණයි..”

කෝල් එක කට් කරපු සිතුම් ඉක්මනට ආයෙත් කාමරේට දුවන් ගියේ යුහාන්ව ටිකකට හරි තනි කරන්න ඕනි උනේ නැති නිසා..

අයාන් ස්ටෙෆාන් දෙන්නනම් තාම නිදි..ඒ දෙන්නට කොහොමත් මේ දවස් ටිකේම හරියට නින්දක් නොලැබුන තරම්..නිතරම යුහාන් ගැන හිතන එක තමා කරන්නේ..

” චූටි පැටියෝ ඔයා නිදිද තාම..”

” ආච්චි අම්මා..යුහාන් නිදි තාම..”

යුහාන්ගෙ කාමරේට ආච්චි අම්ම එද්දි යුහාන් තාමත් හොදට නිදි අතරේ සිතුම් යුහාන්ගෙ කාමරේ අස් කරන ගමන්..

” අනේ මගෙ කොල්ලා කාමරේ අස් කරනවද..”

” ඔව් ආච්චි අම්මා හැඩි වෙලා නේ ටිකක්..”

” චූටි පැටියාට මොනා වෙලාද මංද පුතේ..එයා හරි වෙනස් දැන් ඔයාලා මගෙන් මොනා හරි හන්ගනව නේද..”

” එහෙම නෑ ආච්චි අම්මා..”

” නැත්තෙ නෑ..මට මේක කියන්නකො පුතේ..මගෙ චූටි පැටියා හොදින් නේද..”

සිතුම් ගිහින් කදුලු හලන්න ඔන්න මෙන්න ඉන්න ආච්චි අම්මව බදා ගත්තා..

” එයා හොදින් ආච්චි අම්මා..අපි එයාට මුකුත්ම වෙන්න දෙන්නෙ නෑ..ආච්චි අම්ම බය නැතුව ඉන්නකෝ..”

සිතුම්ව බදාන ඉන්න ආච්චි අම්මා කදුලු හංගන්න කොච්චර උත්සාහ කරත් එයාටත් නොදැනීම කදුලු කම්මුල් දිගේ පල්ලම් බහිනවා..

” ඉන්නකෝ මං කිරි හදාන් එන්නම් ඔයාලට..”

සිතුම්ගෙ තුරුලෙන් ඈත් උන ආච්චි අම්මා කදුලු හිහදාන ගමන් කාමරෙන් එළියට ගියා..

” සිතුම්…”

” ම්ම්ම්..ඇහැරියද..”

” හ්ම්ම්..”

ඇස් දෙකත් පොඩි කරන ගමන් යුහාන් ඇදේ ඉදගෙන ඈනුමකුත් ඇරියා..

” මොකෝ දැන්..”

” ඇගට ටිකක් අමාරුයි එච්චර අව්ලක් නෑ..අයියලා නිදිද තාම..”

” ඒ වගේ..මූණ කට හෝදන් එන්නකො යුහාන් පහලට යන් ආච්චි අම්මත් දැන් ඇවිල්ල ගියේ..”

” ම්ම්ම්..හැමෝටම කරදර මං නිසා..”

” විකාර කියවන්න එපා බං..උබ ඕව හිතන්න එපා..කෝ නැගිටිනවා දැන්..”

මූණත් එල්ලන් ඇදෙන් හෙමීට නැගිට්ට යුහාන් සිතුම්ට චූටි හාද්දක් දීලා බාත්රූම් එකට ගියා..ඒ අතරේ අයියලා දෙන්නත් නිදි මතේම යුහාන්ගෙ කාමරේට ආවා..

” යුහාන්ට දැන් අඩුයි වගේ නේද..”

” ම්ම්ම්..ඔව් අයියා ඊයෙ ඒම තිබ්බ අමාරු ගතිය නෑ වගේ..”

” අයාන් කොල්ලට හවසට ආයෙ ඩ්‍රග්ස් නැති නිසා අමාරු වෙයි..අර බෙහෙත් ටික දෙන්න එතකොට..”

” හ්ම්ම්ම්..උබට දැන් යන්න ඕනිද්..”

” ඔව් බං..මං රෑ වෙලා එන්නම් ආයෙ..”

” ස්ටෙෆාන් අයියා මේ..”

” ඇයි සිතුම්..”

” යෙතීශ් අයියා ඇක්සිඩන්ට් වෙලා නේ..”

” එහෙමද ඌට අමාරුද..”

” ඔව් ICU එකේලු..”

සිතුම් කියද්දි අයාන් ස්ටෙෆාන් දෙන්නගෙන මූණෙ ඇදුනෙ අමුතු හිනාවක්..

” අයියා ඔයාල ඇහැරියද..”

තුන් දෙනාට ඒ ගැන තවත් කතා කරන්න බැරි උනේ යුහාන් කාමරේට ආව නිසා..

” ඔව් යුහාන්..කෝ එන්න කොණ්ඩෙ පිහින්න..”

අයාන් කතා කරද්දි ඇදේ ඉදන් හිටිය අයාන්ගෙ කකුල් මැදින් යුහාන් ගිහින් බිම වාඩි උනා..

” යුහාන් මං අරක ස්ටෙෆාන්ට කියන්නද..”

අයාන් කොණ්ඩෙ පිහදන ගමන් අහද්දි යුහාන් හා කියන්න ඔලුව වැනුවා..

” ස්ටෙෆාන් වරෙන්කෝ..”

දොර ලග හිටන් හිටිය ස්ටෙෆාන් අයාන්ට කිට්ටු උනා..

” මේ..යුහාන් ඔයාව මැරි කරන්න කැමතී..”

” වට් අයාන් උබ මට විහිලු කරනවද..”

” නෑ..”

” යුහාන් මේ ඇත්තද කියන්නේ..”

ස්ටෙෆාන් ඇහුවේ යුහාන් ලග දණගහන් උරහිස්වලින් අල්ලගෙන..

” හ්ම්ම්ම්..”

ස්ටෙෆාන්ගෙ දිලිසෙන ඇස් දිහාම බලාන යුහාන් උත්තර දෙද්දි එයා යුහාන්ව තදින් බදා ගත්තා..

” යු__හාන්..ම් මං හිතුවෙ නෑ ඔයා..”

ස්ටෙෆාන්ට ගොඩක් සතුටුයි තමන් මෙච්චර කල් පන වගේ ආදරේ කරපු කෙනා හිතුවෙවත් නැති විදිහට එයාව මැරි කරන්න කැමති උනාම දැනෙන හැගීම වචනවලට පෙරල ගන්න බැරුව ස්ටෙෆාන් කිටි කිටියට යුහාන්ව තදින් තුරුල් කර ගත්තා..

” අයාන් මේක ඇත්තක් නේද මචං මට හිතා ගන්න බෑ..”

” හ්ම්ම්..”

අයානුත් ගොඩක් සතුටින්..සිතුම්ටත් සතුටුයි..එයාලා හොදටම දන්නවා ස්ටෙෆාන් යුහාන්ට කොච්චර ආදරෙයිද කියලා..යුහාන්ව හොදටම බලා ගන්න පුලුවන් කෙනත් ස්ටෙෆාන් කියන්න එයාලට කිසිම සැකයක් නෑ..ආච්චි අම්ම පවා මේක දැන ගත්තොත් ඔක්කොටම වඩා සතුටු වෙයි..

” යුහාන් මං ඔයාට ආදරෙයි යුහාන්…බය වෙන්න එපා මං ඔයාව පන වගේ රකිනවා..”

යුහාන්ගෙ නලලට ගෝඩාක් ආදරෙන් ස්ටෙෆාන් තොල් තද කරද්දී යුහාන්ගෙ ඇස් පියවෙලා ගියා..

අයියලාට ලස්සන අහිංසක හිනාවක් දැම්ම යුහාන් ස්ටෙෆාන් එක්ක බිමින් නැගිටලා ඇදෙන් ඉද ගත්තා..

කාලෙකින් යුහාන්ගෙ මූණ ඇදුන හිනාවට අනිත් තුන් දෙනාගෙම හිත් පිරිලා ගියා..ඒත් ඒ අහිංසක හිනාව අස්සෙ තියන වේදනාව දන්නෙ යුහාන්ම විතරයි..

ඇයි යුහාන් ස්ටෙෆාන්ව මැරි කරන්න කැමති උනේ..එයාට ඕනි උනේ එයා නිසා අනිත් අයත් විදවන එක නතර කරන්න..ඒ හැමෝගෙම සතුට එයා ස්ටෙෆාන්ව මැරි කරලා සතුටින් ඉන්න එක කියලා තේරුන නිසා එයා ඒ තීරණේ ගත්තේ..නොකිව්වට ඒ හිත හැම වෙලේම ඉල්ලන්නෙ යෙතීශ්ව…

*****

😪👍

Bonus එකක් ඕනිදෝ…

ඉවසන් ඉන්න ඒයිලා..සුදු රෝස මල ලස්සනට හරිම තැන ආයෙත් පිපෙයි..❤️

vote 👇

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 20 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 20 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 20 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 20 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 20 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 20 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 20